Wednesday, November 20, 2024

General line - 0115112241

සංචාරක සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ සංචාරක සංවර්ධන අධිකාරිය අතර ගිවිසුමක්.




සංචාරක සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ, මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැළසීම අරමුණු කරගෙනයි.

සෞඛ්‍ය පහසුකම් අවම ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අදාලව එම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මෙම වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අවම සෞඛ්‍ය පහසුකම් සහිත රෝහල් 04කට මූල්‍ය පහසුකම් සපයා සංචාරකයින්ට ඔබින සුවපහසු ගෙවන වාට්ටු ස්ථාපිත කිරීමට නියමිතයි.

ඒ අනුව දඹුල්ල, බණ්ඩාරවෙල, පොතුවිල් සහ තිස්සමහාරාම රෝහල් සංවර්ධනය කිරීමට නියමිත අතර, එම රෝහල්වල සුවපහසු ගෙවන වාට්ටු පහසුකම් ඇති කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 80ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති.