වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
සැකකාර කාන්තාව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන පුද්ගලයින් තිදෙනෙකු විදෙස්ගත කර තිබෙනවා.
එහෙත් එරටදී පොරොන්දු වූ පරිදි රැකියා හිමිනොවීම හේතුවෙන්, ඔවුන් යළි දිවයිනට පැමිණ ඒ සම්බන්ධයෙන් විදෙස් සේවා නියුක්තු කාර්යංශයට කළ පැමිණිල්ලකට අනුවයි සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර කාන්තාව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතියි.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලිය යුතු වනවා.
1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් එම තොරතුරු ලබාගන්නා ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ.