Wednesday, November 20, 2024

General line - 0115112241

බේරේ වැවේ කුරුළු දූපත ගංගාරාම විහාරස්ථානයට




බේරේ වැව, කුරුළු දූපත පිහිටි ඉඩම් කොටස ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත අවුරුදු 50ක කාල සීමාවක් සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2000 වසරේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිත දිග බේරේ වැවේ පිහිටි පර්චස් 143ක්    පමණ වූ කුරුළු උයන දූපත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරුණා.

දැනට එම ඉඩම් කොටස ඌන උපයෝජිත තත්ත්වයේ පවතිනවා.

එම ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට ගංගාරාම විහාරස්ථානයේ විහාරධිපති හිමියන් කළ ඉල්ලීමකට අනුවයි අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.