ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදරිපත් කරන අපේක්ෂකයා නිසි වේලාවට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයෙක් සිය පක්ෂයෙන් ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එහිදී අදහස් පල කළා.