වීසා නිකුත් කිරීම සඳහා වී එෆ් එස් ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මඟින් තමන් ඇතුළු එම කාරක සභාවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ වරප්‍රසාද කඩවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් ඔහු කියා සිටියේ අදාළ වාර්තාවේ නිර්දේශවලට තමන් ඇතුළු රාජ්‍ය මුදල්කාරක සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ නොවන බවයි.
ඒ අනුව අදාළ කරුණු වරප්‍රසාද කමිටුව හමුවට යොමු කරන ලෙසයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එහිදී ඉල්ලා සිටියේ.
ඉන් අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ අදාළ සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
එහිදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
ඉන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ද එහිදී අදහස් පල කළා.
එම සංවාදයේ දී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියා සිටියේ කාරක සභා සභාපතිවරයෙකු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන ඒමෙන් පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක්වන බවයි.