ශ්‍රී ලංකාව සහ කියුබානු ජන රජය අතර නිල වශයෙන් ද්වීපාර්ශ්වික සබඳතා ආරම්භ වී අද දිනට (2024 ජුලි 29) වසර හැට පහක් සපිරෙනවා.
ඒ අනුව කියුබානු ජනරජයේ ජනාධිපති Miguel Mario Diaz-Canel Bermúdez මහතා සමඟ කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නිල හමුවක් සිදුවී විය.
එහිදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙලෙස 2024 ජුලි මස 24 වන දින කියුබානු ජනරජයේ ජනාධිපති හමුවී ද්වීපාර්ශ්වික වශයෙන් දෙරටේ විදේශ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සුහදව අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කර තිබෙනවා.