ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තවත් 116 දෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා.
අද පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකු මෙලෙස ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට කැපවන බවට පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ අතර මෙරට බාලදක්ෂිකා ව්‍යාපාරයේ සාමාජිකත්වය 75,000 සිට එක් ලක්ෂ 50,000 දක්වා දෙගුණ කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් රජයේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බාලදක්ෂිකාවන් 2,000ක් සඳහා ජනාධිපති බාලදක්ෂිකා සම්මාන පිරිනැමීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.