Tuesday, November 19, 2024

General line - 0115112241

අල්ලස් ලබා ගත් ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට




කාන්තාවකගෙන් රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව නඩත්තු සහ අපහාසය සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලේඛන ලබා දී තිබෙනවා.

එහිදී එම වන්දි මුදල ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් ක්වාසි විනිසුරුවරයා රුපියල් 50,000ක අල්ලස් මුදලක් එම කාන්තාවගෙන් ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

ඉන් රුපියල් 10,000ක මුදලක් එම කාන්තාවගෙන් වරකාමුර ප්‍රදේශයේ සිය නිවසේ පවත්වාගෙන යන කාර්යාලය තුළදී ලබා ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.