හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එය තරයේ හෙළාදකින බවයි ඔහු පැවසුවේ.
මේ අතර, ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට නව කමිටු දෙකක් පත් කර තිබෙනවා.
එහි එක් කමිටුවක් වන්නේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජාතික ආරක්ෂව පිළිබඳ පත් කළ කමිටුවයි.
ආර්ථිකය පිළිබඳව කමිටුවක් මෙන්ම එම කමිටු දෙකෙහි කටයුතු අධීක්ෂණයට ඉහළ මට්ටමේ කමිටුවක් ද පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු මැදපෙරදිග වත්මන් තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු නෙත් නිවුස් විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.