ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් වන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී අත්අඩංගුවට ගෙන ඇතැයි නිල නොවන වාර්තා පළ වනවා.
එම ආරංචිමාර්ග සඳහන් කළේ කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ලොකු පැටී නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වන්නේ ඩුබායි දේශ සීමාව ආසන්නයේදීයි.
කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී විදෙස්ගතව සිටි බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කළ යුතුව තිබුණා.
ඊට අදාළ කටයුතු මෙරට ආරක්ෂක අංශ විසින් ඉකුත් සමයේ සිදු කරමින් සිටි බවයි නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනින් අවස්ථා කිහිපයකදී අනාවරණ කළේ.
කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී පිළිබඳ ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණේ ක්ලබ් වසන්ත ඝාතනයත් සමගයි. එම ඝාතනය ඔවුන් දෙදෙනාගේ අනුදැනුම මත සිදු වූ බවටයි ප්‍රකාශ වුණේ.
ක්ලබ් වසන්ත ඝාතනය වූ ස්ථානයේ තිබී සොයා ගත් උණ්ඩ කොපුවල ණඡෂ යන අකුරු තුන සඳහන් කර තිබීම එම සැකය තීව්ර කිරීමට හේතු වුණා.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඝාතන තැතක් ක්‍රියාත්මක වන බවට බුද්ධි අංශ වාර්තාවලින් අනාවරණ වී ඇති බවද වාර්තා වනවා.