Tuesday, November 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ පිරිස රනිල් සමග නව සන්ධානයක් හදයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පිරිසක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට එක් වීමේ සූදානමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු පැවසුවේ තවත් පක්ෂ එක් කර ගනිමින් නව සන්ධානයක් ගොඩනැගෙන බවයි.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් ආකාරය පවා ගැටලු සහගත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  

කෙසේවෙතත් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ නිවැරදි ක්‍රමවේදයට බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසුවේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 92ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභාවල හිටපු  මහජන නියෝජිතයන් 116 දෙනෙකු ද මේ වන විටත් ජනාධිපතිවරයාට සහය ලබා දීමට එකඟතාව පළ කර අවසන්.