Tuesday, November 19, 2024

General line - 0115112241

සමගි ජනබලවේගයේ සාමාජිකයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ප්‍රියංකර කළුපහන




සමගි ජන බලවේගය නියෝජනය කළ  ප්‍රාදේශිය සභා මන්ත්‍රී අපේක්ෂකයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ කෝන්කඩවල පදිංචි 36 හැවිරිදි ඩබ්ලිව් ටී එම් ජගත් කුමාර වන්නිනායක නැමති එක් දරු පියෙක්.

නවගත්තේගම පොලිසිය සදහන් කළේ මියගිය පුද්ගලයා නිවසට මීටර් 300 පමණ යාබද ඔහුගේ හිතවතෙකුට අයත් ඉඩමක බුලත් වගාවක් සිදුකරගෙන ගොස් තිබූ බවයි.

අදාළ පුද්ගලයා වගාවට ජලය ලබා ගැනීම සඳහා යාබදව ඉදිකර තිබූ වගා ළිද අසල මෙලෙස විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.