Tuesday, November 19, 2024

General line - 0115112241

ඉන්දීය බිත්තරය දැක ලංකාවේ බිත්තරය 36ට බසී




බිත්තර ආනයනය කිරීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව දේශීය බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ රුපියල් 35කට අලෙවි කළ හැකි දේශීයව නිෂ්පාදනය කරන බිත්තර මේ වන විට රට තුළ පවතින බවයි.

ඉදිරියේදී බිත්තර තවත් අඩු වන බවයි ඔහු පැවසුවේ. 

බිත්තර ආනයනය හේතුවෙන් මෙරට දේශීය කර්මාන්තය අනතුරට පත් වන බවයි ඔහු සඳහන් කළේ. 

බිත්තර ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය ඉකුත් දා තීරණය කළා.

ඒ, බිත්තරයක් රුපියල් 37ක මිලකට ලබා දීමේ අරමුණින්.