ආගමන හා විගමන පනත යටතේ සඳහන් වූ වැරදිවලට අදාළව ගොනුකර තිබූ චෝදනා පත්‍ර 07කට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබූ එම චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද කියවනු ලැබුවා.
එම චෝදනාවන්ට තමන් නිවැරදිකාරිය බව ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව අදාළ චෝදනා පත්‍ර 07 විභාගයට ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එම චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින 01 වන සහ 13 වන සාක්ෂිකරුවන්ට ඔක්තෝම්බර් මස 24 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.
වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම, ආගමන හා විගමන නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම යනාදී චෝදනා යටතේ ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම චෝදනා පත්‍ර ගොනුකර තිබුණා.