විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 738ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 737 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 13 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.
තවත් සැකකරුවන් 05 දෙනෙකුගේ වත්කම් විමර්ශනයට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාතේදී පමණක් වැටලීම් 493ක් සිදු කර ඇති අතර සැකකරුවන් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.