2024 ජනාධිපතිවරණය සඳහා අද දිනයේදී තවත් අපේක්ෂකයන් සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කළේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන්.
කේ කේ පියදාස ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කළ අතර එක්සත් සමංජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය ඇප තැන්පත් කළා.
අජන්ත ද සොයිසා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කළේ රුහුණු ජනතා පෙරමුණෙන්.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දේශපාලන පක්ෂ 07කින් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස තුන් දෙනෙකු එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.