සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණයේ වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවති පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
අද පැවති පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවේදී සාකච්ඡාවට ලක්වූ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මාධ්‍ය වෙත අදහස් පළ කළා.