වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මධුෂංකට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක් දින තරඟාවලිය අහිමි වී තිබෙනවා.
ඒ, ඔවුන් දෙදෙනා ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.
ඩිල්ෂාන් මධුෂංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර මතීෂ පතිරණ ඉන්දියාව සමග පැවති තුන් වන විස්සයි විස්ස තරඟයේදී දකුණු උරහිසේ ආබාධයකට ලක්වුණා.
ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ෆිරාස්, ඒෂාන් මාලංගව ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මධුෂාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
තරඟ තුනකින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිතයි.