Tuesday, November 19, 2024

General line - 0115112241

පාවෙන ඡන්ද ගැන සජබයෙන් අනාවරණයක්

නිහාල්සිරි ගම්ලත්




එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතෙක් තීන්දු කර නොමැති ඡන්ද දායකයින් පිරිස සියයට 20ක් පමණ වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

කිරිඳිවැල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ එම ඡන්ද දායකයන් දිනා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. 

මේ අතර, ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වූ එම පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ සිය පක්ෂය ජනාධිපතිවරණය ජය ගත් පසු කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන බවයි.