Monday, December 23, 2024

General line - 0115112241

ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වල




ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහෙත් මෙම අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

යාපනය ප්‍රදේශයේදී මාධ්‍යවේදින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.

මේ අතර යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදීපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමාද හමුවී ආශිර්වාද ලබා තිබෙනවා. ඉන් අනතුරුව යාපනය රඳගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රඳගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් පියතුමා ද බැහැදැක කෙටි පිලිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.