ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද පස්වරු 02.30ට කොළඹ, ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වු අතර පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් සහ දඟපන්දු යවන වනිඳු හසරංග වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරගය සඳහා කැඳවා තිබේ.
ඒ, දෙරට අතර පැවති පළමු එක්දින තරගය අතරතුරදී වනිඳු හසරංගගේ පාදයක් ආබාධයට ලක්වීම හේතුවෙන් බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.