Tuesday, December 24, 2024

General line - 0115112241

ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 241ක ඉලක්කයක්




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ, ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ  පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඉන්දියාවට පන්දුවාර 50කට ලකුණු 241ක ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී  ලංකවේ පළමු කඩුලු  5 ලකුණු 119 තුලදී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුනා 

තරගයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර  ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 62කට මුහුණදෙමින් ලකුණු 40ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස්ද පන්දු 42කින් ලකුණු 30ක් රැස්කර තිබුනා.

ඔවුන් දෙදෙනාද දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101කින් ලකුණු 74ක සබඳතාවක්  ගොඩනැගීමට සමත් විය.

පසුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි  දුනිත් සහ කමිදු මෙන්ඩිස් සමගින්  07වැනි කඩුල්ලට පන්දු 68කට ලකුණු 72ක සබඳතාවක් ගොඩනගා තිබුනා.

දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් හා එක් හතරේ පහරක්ද ඇතුළත් විය.

ඉනිමේ අවසන් පන්දුවාරය දක්වා රැඳී සිටි කමිඳු මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට ලක් වූ අතර, ඒ වනවිට ඔහු ලකුණු 40ක් රැස්කරගෙන සිටියේය. 

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී දඟපන්දු යවන වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 03ක් දවාගත් අතර, කුල්දීප් යාදව් ලකුණු 33කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.