Saturday, November 2, 2024

General line - 0115112241

අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි




අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව  දක්වා තිබෙනවා.

ඒ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද (04) පස්වරුවේ පැමිණි  අවස්ටවේදී 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය  ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ගංගාරාම විහාරාධිකාරි  ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සමඟ කෙටි සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ කටයුතු ද සොයා බලා තිබෙනවා.