Tuesday, December 24, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට




ජෙෆ්රි වැන්ඩර්සේගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 32කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 240ක්.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 40 බැගින් රැස්කලා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 39යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 30කට දැවී ගියා. පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 03ක් සහ කුල්දිප් යාදෙව් ලකුණු 33කට කඩුලු 02ක් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 241ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායමේ ඉණිම ලකුණු 208කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

නායක රෝහිත් ශර්මා ලකුණු 64ක් සහ අක්සාර් පටෙල් ලකුණු 44යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේගේ ලකුණු 33කට කඩුලු 06ක් බිඳ හෙලීමට සමත් වුණා.

චරිත් අසලංක ද ලකුණු 20කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

ඉන්දු ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන 07 වනදා පැවැත්වීමට නියමිතයි.