Monday, December 23, 2024

General line - 0115112241

යුද්ධ හමුදාවේ ආසියානු ක්‍රිකට් ශූරියන් යුද්ධ හමුදාධිපතිගෙන් දිරිදීමනා




ආසියානු කාන්තා ක්‍රිකට් ශුරතාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩිකාවන් වෙත මුල්‍ය ආධාර ලබාදීම අද (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි සිදු කරතිබෙනවා..

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ  සැරයන් ඩිඑම්එස්එම්කේ දසනායක, සැරයන් ඩබ්ජිඑස්කේ කුලසුරිය, සැරයන් එන්එන්ඩී සිල්වා සහ ලාන්ස් කෝප්‍රල් එම්ඒඒ සංජීවනි යන අයට  යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මුල්‍ය ආධාර මෙන්ම සුභ පැතුම්  එක්කර තිබුනා.

එම තරඟාවලියේදි ඔවුන් දැක්වූ විශිෂ්ඨ දස්කම් සහ කැපවීම ඇගයිමට ලක්කරන ලදී. මව්බිම වෙනුවෙන් තවත් ජයග්‍රහණ ලබමින් ශ්‍රි ලංකා නාමයත් යුද්ධ හමුදා නාමයත් බැබලිමට ඉදිරියේදීත්  කටයුතු කරන්නැයි ආශීර්වාද එක්කල යුද්ධ හමුදාධිපතිතුමන් එම  ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනයට අවශ්‍ය පහසුකම් පිළිබඳව ද සොයා බලා තිබෙනවා.