Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇගයීමට  




පසුගියදා නිමාවට පත් වූ 20-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාවට දිනාදීම සඳහා දායක වූ නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී තිබෙනවා.

නායක නැවි උදේශිකා ප්‍රබෝධනී, බලකාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි හර්ෂිතා සමරවික්‍රම යන නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඊයේ නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිව හමු වී ඇති අතර  ආසියානු කාන්තා ක්‍රිකට් කිරුල මව්බිමට දිනාදීමට සිදුකල දායකත්වය  අගයා තිබෙනවා 

පසුව නාවික හමුදාධිපතිවරයා විසින්  ඔවුන් පිළිවෙලින් කාන්තා සුළු නිලධාරී, කාන්තා නායක නැවි සහ බල කාන්තා නැවි තරාතිරම් දක්වා උසස් කර තිබුනා 

ඒ නාවික හමුදා සාමාජිකාවන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ ශ්‍රී  ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ සේවය උසස් කර තිබෙන්නේ.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් කපිතාන් සුරංග පරණවිතාන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
 

.