එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 400ක තරඟ තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරඟ තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තාවක් බිහි කළා.
ඒ, ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන අවසන් එක්දින තරඟයේදීයි.
රන්ජන් මඩුගල්ලේ 1988 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු 1993 වසරේ සිට ක්‍රිකට් තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කරනවා.
ඔහු ටෙස්ට් තරග 200කට එක්වූ පළමු හා එකම තරඟ තීරකවරයා ද වනවා.