ශ්රී ලංකා - ඉන්දියා තුන්වන සහ අවසන් එක්දින ක්රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළා.
අවිශ්ක ප්රනාන්දු ලකුණු 96යි. කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් සහ පැතුම් නිස්සංක ලකුණු 45ක් රැස් කළා.
ශ්රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 06 ලකුණු 77ක් තුළ බිඳවැටීමත් සමග ලකුණු 280කට යාමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.
පිළිතුරු ඉනිම ක්රීඩා කරන ඉන්දියාව පන්දුවාර 08යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 58ක් රැස්කරගෙන සිටිනවා.
මේ අතර එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වීමට 18 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය අද නම් කළා.
ඊට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොගත් නවක වේග පන්දු යවන ක්රීඩකයින් වන මිලාන් රත්නායක, නිසල තාරක හා ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවා තිබෙනවා.