Tuesday, December 24, 2024

General line - 0115112241

පරාජයෙන් ශ්‍රී ලංකා පිල ගොඩගැනීමට ජයසූරියගේ සැලසුම හෙළි වෙයි




ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමේදී පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කළ මෙහෙවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අදහස් පළ කළා.

ඒ, දෙරට අතර පැවති තුන්වන තරඟයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පන්දුවාර විස්සයි විස්ස තරඟාවලි පරාජයෙන් පසු තරඟාවලි ජයග්‍රහණයක් ලැබීම සඳහා එක්දින තරඟ සඳහා සූදානම් වූ ආකාරයද ඔහු මෙහිදී පැහැදිලි කළා.

මෙම තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේද මෙහිදී අදහස් පළ කළා.

ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා ක්‍රිකට් වාර්තා අලුත් කර තිබෙනවා.

මෙම තරඟාවලියේ බිඳවැටුණු ඉන්දීය කඩුලු 30න් 27ක්ම දවාගෙන ඇත්තේ දඟපන්දු යවන්නන්.

එය ද්විපාර්ශවික එක් දින තරඟාවලියකදී දඟපන්දු යවන්නනන් හමුවේ  ඉන්දීය කණ්ඩායමක බිඳ වැටුණු වැඩිම කඩුලු සංඛ්‍යාවයි. 

මීට පෙර 1996 වසරේ පකිස්තානයට එරෙහිව ඉන්දීය කණ්ඩායමේ කඩුලු 19ක් දඟ පන්දු යවන්නන් ඉදිරියේ බිඳවැටී තිබුණා.

එමෙන්ම තරඟ තුනක ද්විපාර්ශවික තරඟාවලියක ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව මෙයයි.

මීට අමතරව මෙම තරඟාවලියේදී දඟ පන්දු යවන්නන් දවා ගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 43ක්.

තරඟ තුනක ද්විපාර්ශවික තරඟාවලියක දඟ පන්දු යවන්නන් දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ද මෙයයි.