Monday, November 18, 2024

General line - 0115112241

ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත  වෙයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, වේරහැර කොතලාවල රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්ත වන විට සුමනා නෙල්ලම්පිටිය මහත්මිය 80 වන වියේ පසුවුණා.

සුමනා නෙල්ලම්පිටිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස හැඳින්වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සිය වෘත්තීය ආරම්භ කළ ඇය, පසුව රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළා.

සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

දේහය අද රාත්‍රියේ සිට සෙනසුරාදා පස්වරුව දක්වා කොළඹ ටොරින්ටන් මාවත ටොරින්ටන් උද්‍යානයේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට ද නියමිතයි.