සියපත ෆිනෑන්ස් සමාගමේ 50 වන ශාඛාව වාලච්චේන නගරයේදී පසුගියදා විවෘත කෙරුණා.
ඒ, එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්.
ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක යෙදී සිටින වාලච්චේන ප්‍රදේශවාසීන්ට නම්‍යශීලී මූල්‍ය සේවා සැපයීම නව ශාඛාවේ ප්‍රධාන අරමුණ බවයි සියපත ෆිනෑන්ස් සමාගම පැවසුවේ.