හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ තනතුරු සඳහා එවකට පත් කළ නිලධාරීන් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ කණ්ඩායම බවට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පවසනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බවයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක කේසාල් ජයසිංහ මහතා එහිදී කියා සිටියේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමිහිරි පරාජයක් ලැබීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අජිත් නාරගල මහතා.
නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.