Monday, December 23, 2024

General line - 0115112241

තමන්ට සහාය දක්වන මහජන නියෝජිතයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්




ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවර පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.  

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම විසින් නව පක්ෂයක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එහිදී කියා සිටියා.

එය ලබන සතිය වන විට සිදු කිරීමට ඊට අවශ්‍ය කටයුතු මේවන විටත් සූදානම් කර ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.