Tuesday, December 24, 2024

General line - 0115112241

චීනය පැරිස් 2024 ඔලිම්පික් සටනේ පෙරමුණ ගනී




පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වූ පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය එරට වේලාවෙන් පස්වරු 3ට ප්‍රංශයේ ස්ටේඩ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

රීඩා උළෙලේ සමාප්ති උත්සවයෙදී ඔලිම්පික් ධජය 2028 ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙලේ සංවිධායකයින්ට භාරදීමට නියමිතව තිබෙනවා 

ජූලි 26 වනදා ආරම්භ වූ ඔලිම්පික් උලෙළ ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

එහි අවසන් ඉසව්වවන කාන්තා මැරතන් තරගය අවසන් වීමෙන් පසුව සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතයි 

මෙවර ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව ඇති අතර ඔවුන් රන් පදක්කම් 39ක් හිමිකරගෙන තිබෙනවා 
 රන් පදක්කම් 39 ක්, රිදී 27 ක් සහ ලෝකඩ 24 ඇතුළත්ව චීනය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 90 වෙනවා.

රන් පදක්කම් 38ක්,දිනාගත් ඇමරිකාව දෙවන ස්ථානය හිමිකරගත් අතර  රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් හිමිකරගෙන සමස්ත පදක්කම් 122ක් දිනාගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක් හිමිකර ගනිමින් තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්වී ඇති අතර ජපානය රන් පදක්කම් 18ක් රිදී පදක්කම් 12ක් ලෝකඩ පදක්කම් 13ක්  හිමිකරගෙන සමස්ත පදක්කම් 43ක් දිනා ගනිමින් පසුවන්නේ හතරවන ස්ථානයේයි.

රන් පදක්කම් 16ක් හිමිකරගත් සත්කාරක ප්‍රංශය පස්වන ස්ථානයට පත්ව තිබෙනවා 

ඔවුන් රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 24 ක් සහ ලෝකඩ පදක්කම් 22 සමගින් දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 62 ක් වෙනවා.

සමස්ත පදක්කම් සටහන පහතින්