අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනායේ කඩුලු 06ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 145ක්.
ලකුණු 40 සීමාව පසුකර යාමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් කිසිවෙකුට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවස්ථාව ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිඳ හෙලුවා. එමෙන්ම උදේෂිකා ප්‍රබෝධනී සහ සුගන්දිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ජයග්‍රාහී ලකුණු 146ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් රැස්කර ගනිමින් තරගය ජයගනු ලැබුවා.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 86ක්.
පන්දු 45කට මුහුණ දුන් ඇයගේ ඉණිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඇතුළත් වුණා.
විශ්මි ගුණරත්න ලකුණු 30ක් රැස්කලා. කවීෂා දිල්හාරි දැවී ගියේ ලකුණු 09ක් රැස්කර සිටියදීයි. තරගයේ වීරයා සම්මානය හර්ෂිතා සමරවික්‍රමට හිමි වුණා.
දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතයි.