Monday, November 18, 2024

General line - 0115112241

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව වැඩ පෙන්වයි 




2024 ජූනි 30 වන විට අපේක්ෂිත බදු ඉලක්කය ඉක්මවා යමින් රු. බිලියන 902ක් එකතු කිරීමට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසනවා 

කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කර සිටියේ මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගිය හත්වනදා  පාර්ලිමේන්තුවේදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී.

එහිදී කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ  2024 ජූනි 30 වන විට අපේක්ෂිත බදු ඉලක්කය වූ රු. බිලියන 826 ඉක්මවා යමින් රු. බිලියන 902ක් එකතු කිරීමට හැකිවූ බවයි.

එසේම මේ වසරේ නව බදු‍ ලිපි ගොනු 255194ක් විවෘත කර ඇති බවත් 2024.05.31 වන විට බදු ලිපිගොනු 1132598 ක් පවතින බවත් සඳහන් කර සිටියා.

එසේම වයස අවුරුදු 18වැඩි මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් සදහා බදු හඳුනා ගැනීමේ අංක (TIN) නිකුත් කර ඇති බව ද පවසා සිටියා 

මින් ස්වෙච්ඡාවෙන් ටින් අංකය ලබා ගෙන ඇත්තේ ලක්ෂ 1.5ක පිරිසක් බැවින් ඉතිරි පිරිස මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවත් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීම යටතේ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය හඳුනා ගැනීමේ අංකයක් ‍ලබාදීමේ වැදගත්කමද   කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී 

එ‍සේම රාජ්‍ය ආයතනවලින් ද බිලියන 29ක ඇතුළු හිඟබදු අයකර ගැනීම සදහා කටයුතු කරන ලෙසත් දේශීය ආදායම් පනතට සංශෝධන කඩිනමින් සිදුකරන ලෙස ද දැනුම් දුන්නා 

එසේම තාවකාලික වැට් අංක ලබා දීම නිසා සිදුවන වංචාවන් නතර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේශනයක් සිදුකර මෙම වසරේ අගවන විට සම්පූර්ණයෙන් තාවකාලික වැට් අංක ලබාදීම නතර කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.

මේ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළ ඉලක්කගත ආදායම 98%ක් පමණ ලබා ගැනීමට හැකිවී ඇති බව අනාවරණය විය. 

එසේම ආහාර ද්‍රව්‍ය  පිළිබඳ  ශ්‍රී ලංකා රේගුව ලබා දෙන දත්ත, වෙළදපොල මිල පාලනයට හේතුවී ඇති බැවින් ශ්‍රී ලංකා රේගුවට සිය ස්තුතිය පළ කරන බවත්   කාරක සභා සභාපතිවරයා සඳහන්  කර සිටියා 

එසේම මිලපාලනය සදහා පාරිභෝගික සේවා අධිකාරිය සමඟ එක්ව POS යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සදහා කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නේය. එසේම E-invoicing අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කර සිටියා