Monday, November 18, 2024

General line - 0115112241

රට ගමන් කරන්නේ කුමන දිශාවකටද ඔබේ මතයත් මේ අතරද ?




රට වැරදි දිශාවකට ගමන් කරනබව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් තවමත් විශ්වාස කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය හෙවත් (IHP) ආයතනය පවසනවා .

එම ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය මාසවලට සාපේක්ෂව, රට වැරදි දිශාවකට ගම කරන්නේයැ යි සිතන පිරිසේ සුළු අඩුවීමක් පමණක් දක්නට ලැබෙන බවයි 

ශ්‍රී ලාංකිකයන්ගෙන් 72%ක් තවමත් රට වැරදි දිශාවකට ගමන් කරන බව විශ්වාස කරන අතර 8%ක් පමණක් නිවැරදි දිශාවට ගමන් කරන බව විශ්වාස කරන බවයි 2024 ජූලි නවතම SLOTS මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ 

PSOS විසින් රටවල් 29ක සිදු කරන ලද මත විමසුමට අනුව වෙනත් රටවල වැසියන්ට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයන් සිය රට වැරදි දිශාවකට ගමන් කරන බව සිතන බවත් මෙම රටවල් සමග සසඳන විට ශ්‍රී ලංකාවේ මෙම අගය 93%වන බවත්  (IHP) ආයතනය පෙන්වා දෙනවා 

 

 

සම්මුඛ පරීක්ෂණ 680ක් මත පදනම් මෙම මත විමසුම සිදු කර ඇති අතර ඔවුනොවුන්ගේ වයස අනුව තරමක් වෙනස් වන බවත් වයස අවුරුදු (18 - 29) සහ වයස අවුරුදු (30-44) වයස් කාණ්ඩයේ පුද්ගලයින් වැඩිහිටියන්ට සාපේක්ෂව රට වැරදි දිශාවකට ගමන් කරන බව සිතීමේ වැඩි ඉඩක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ 


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) පිළිබඳව IHP යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන, පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයකි.

SLOTS හි ප්‍රධාන විමර්ශකයා වන්නේ IHP හි ආචාර්ය රවී රන්නන් - එලියයි. 

ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුම් සමීක්ෂණ පිළිබඳ පුහුණුව ලබා ඇති අතර දශක තුනක් පුරා විවිධ මත විමසුම් සමීක්ෂණ සිදු කරමින් සිටීනව