ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ආර්ථික පරිවර්ථනය පිළිබඳ ජාතික ප්රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෙරුණා.
අනතුරුව පසුගිය ජූලි 25 වනදා පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණා.
එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත ලෙස හැඳින් වෙනවා.