ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්රදේශ ආශ්රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී බීඩි කොළ කිලෝ හාරසිය දහයයි ග්රෑම් අටසීයක පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම නඩුකුඩා වෙරළ ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්රදේශයට ගසාගෙන විත් තිබූ පාර්සලයක් තුළ අසුරන ලද බීඩි කොළ කිලෝ තිස් පහයි (35) ග්රෑම් අටසීයක (800) පමණ තොගයක් වශයෙන් බීඩි කොල කිලෝ හාරසිය දහයි (410) ග්රෑම් අටසීයක (800) පමණ තොගයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුනා
එමෙන්ම, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් ඊයේ දින මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සහ ඌරුමලේ වෙරළ ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සහ වෙරළට ගොඩගසා තිබූ පාර්සල් තිස් දෙකක (32) අසුරන ලද බීඩි කොළ කිලෝග්රෑම් දෙසිය හතලිස් තුනක (243) ක පමණ තොගයක් සොයාගැනීමට සමත් වුනා
නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා; මුරුන්කන් පොලිස් ස්ථානය, වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය, තලෙයිමන්නාරම පොලිස් ස්ථානය සහ මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.