තවත් තරඟාවලි ජයග්රහණයක් ලැබීමට ශ්රී ලංකා ක්රිකට් ක්රීඩිකාවන්ට තිබූ අවස්ථාව ඊයේ රාත්රියේ අවසන් මොහොතේ ගිලිහී ගියා.
ඒ, අයර්ලන්තය සමග පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟය, තියුණු සටනකින් පසු ලකුණු 07කින් පරාජයට පත් වීමත් සමගයි.
අයර්ලන්තයේ ඩබ්ලින් හි පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 173ක් රැස් කළා.
වේගවත් පිති හරඹයක නිරත වූ ගැබී ලෙවිස් පන්දු 75කදී ලකුණු 119ක් රැස් කළා.
ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.
විශිෂ්ට පිති හරඹයක නිරත වූ හර්ෂිතා සමරවික්රම පන්දු 44කදී ලකුණු 65ක් රැස් කළා.
ඊට හයේ පහර 03ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.
කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 51ක් රැස් කළා.
ඒ අනුව, ශ්රී ලංකා - අයර්ලන්ත පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟාවලිය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.
දෙරට අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරඟාවලිය ලබන සිකුරාදා ආරම්භ වනවා.