මැලේසියාවේ පැවති 16වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරඟාවලියට සහභාගී වී, එහිදී රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම තරඟාවලිය ඉකුත් පළමුවනදා සිට 10වන දින දක්වා පැවැත්වුණා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්වූ මෙම තරඟාවලියට ලෝකයේ රටවල් 22ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.