සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වනවා.
ඒ, මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්රැෆඩ් ක්රීඩාංගණයේදීයි. ශ්රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ සවස 03යි 30ටයි.
මෙම තරඟය සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඊයේ ප්රකාශයට පත් කළා.
ඒ අනුව මෙම තරඟයේදී මද වේග පන්දු යවන්නෙකු වන මිලාන් රත්නායක ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට නියමිත වීම විශේෂත්වයක්.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමට දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් ඇතුළත් වනවා.
ප්රභාත් ජයසූරිය, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු සමඟින් මිලාන් රත්නායක පන්දු යවන්නන් ලෙස මෙම තරඟයට ක්රීඩා කිරීමට නියමිත බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ.
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා ටෙස්ට් තරඟ 36ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 17ක් එංගලන්ත කණ්ඩායම ජයගෙන තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති තරඟ ගණන 08ක්. තරඟ 11ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබෙනවා.