ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, එංගලන්තයේ මැන්චෙස්ටර්හිදීයි.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායක ධනංජයද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් නවක ක්රීඩක මිලාන් රත්නායක අද ටෙස්ට් වරම් දිනා ගත්තා.
ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 166වන ක්රීඩකයායි.
ඔහුට හිමි ශ්රී ලංකා ටෙස්ට් නිල හිස්වැසුම පිරිනැමීම සිදු කළේ සුපිරි ක්රීඩක කුමාර් සංගක්කාර විසින්.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 35ක් අවසන් වන විට කඩුලු 07ක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටියා.
ශ්රී ලංකා පිලේ පළමු කඩුලු 03 ලකුණු 06කට දැවී ගියා.
කුසල් මෙන්ඩිස් ලකුණු 24යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 17ක් රැස් කළා.
ධනංජයද සිල්වා නොදැවී ලකුණු 46යි.