නොලැබුණු අවස්ථා පිළිබඳ පසුතැවීමකින් තොරව ලැබුණු අවස්ථාව හොඳම අවස්ථාව සේ සළකා තමන් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නවක ක්‍රීඩක මිලාන් රත්නායක පවසනවා.
ඒ, සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේදීම පළමු ජාත්‍යන්තර අර්ධ ශතකය රැස් කර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 236ක් රැස් කළ අතර අයහපත් ආලෝකය හේතුවෙන් ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන එංගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 22ක් රැස්කරගෙන සිටියා.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.