සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 30කින් ජය ගැනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් රැස් කළා.
එහිදී ෂායි හෝප් පන්දු 22කදී රැස්කල ලකුණු සංඛ්‍යාව 41ක්. ඔහුගේ ඉණිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 02ක් ඇතුළත් වුණා.
පන්දු යැවීමේදී ලිසාඩ් විලියම්ස් ලකුණු 36කට කඩුලු 03ක් බිඳ හෙලුවා.
ජයග්‍රාහී ලකුණු 180ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.