සිංගප්පූරු ජාතිකයෙකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා.
ඒ, යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුළ දීර්ඝ කාලයක සිට මෙම නීති විරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
වැටලීමේදී විදේශීය විස්කි බෝතල් 54ක්, එම බෝතල් සීල් කිරීම සඳහා යොදා ගන්නා මැෂින් 2ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් ද බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.