Saturday, November 16, 2024

General line - 0115112241

සෑම කිලෝමීටර් තුනකටම ජාතික ජන බලවේගයෙන් හොඳම පාසලක්




රට තුළ දැඩි කතාබහක් ඇති කළ උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ඒ, ඇහැලියගොඩ දී අද පැවති ජන රැලිය අමතමින්.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ජන රැලියක් අමතමින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට තම රජයක් යටතේ කටයුතු කරන බවයි.

විදෙස් ගමන් බලපත්‍රයක් පවා ලබා දිය නොහැකි තරමට ආණ්ඩුව අසාර්ථක වී ඇති බව ඔහු මෙහිදී පැවසුවා. 

ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ජන රැලියක් අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසුවේ සෑම කිලෝමීටර් 03ක් තුළම හොඳම පාසලක් නිර්මාණය කරන බවයි.

ගුරු සේවයට බඳවා ගැනීම කිසිසේත් නතර නොකරන බවද ඔහු පැවසුවා.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ජන රැලියක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසුවේ විවිධ පළි ගැනීම් හේතුවෙන් රටට හිතකර බොහෝ වැඩසටහන් නතර වූ බවයි.

එබැවින් රටට වඩා යහපත් ප්‍රතිපත්ති ප්‍රකාශය තමන් සතු බවද ඔහු පැවසුවා.