ඊශ්‍රායලය විසින් පලස්තීනයේ බටහිර ඉවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ, බටහිර ඉවුරේ ප්‍රධාන නගර 04ක් ඉලක්ක කරගෙනයි. එරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එමගින් පලස්තීන ජාතිකයින් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2005 වසරෙන් පසු පලස්තීනයේ නගර කිහිපයක් වෙත එකවර ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.