ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන බවට ජනාධිපතිවරණ වේදිකාව තුළ විවිධ ප්‍රකාශ සිදු කළද එය සිදු කිරීම ප්‍රකාශ කරන තරම් පහසු කටයුත්තක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.
ඔහු සඳහන් කළේ මේ වන විටත් ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක වන බැවින් ගිවිසුම වෙනස් කිරීම කෙතරම් ප්‍රායෝගික දැයි සිතා බැලිය යුතු බවයි.
අළුත් ගිවිසුම වෙනස් කරන්නේ නම් සිදු කළ යුත්තේ කුමක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ප්‍රමාද වුවහොත් ලබන වසරට අදාළ අයවැය ඉදිරිපත් කිරීම පවා ගැටලු සහගත විය හැකි බවයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන බවටයි.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පවතින එකඟතා ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි.