සෘජු විදේශ ආයෝජන මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් දැනටමත් අදාළ සාකච්ඡා සිදු කර ඇති බවයි.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් තමන් සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ඉදිරි වසර 20කදී රට යා යුතු තැන පිළිබඳ එහි සඳහන් වන බවයි.